මඩුවන්වෙල වලවුව
Posted byඅප රටට එල්ලවුණු විවිධ විදේශිය ආක්‍රමණයන් හමුවේ ඔවුන් ඉදිරියේ දණ නැමීමට ශ්‍රී ලාංකිකයන් වූ අපට සිදුවුණා. නමුත් ඒ අතරින් එම තර්ජන වලට අභියෝග එල්ලකිරීමට සමත්වූ වීර සිංහලයන්ද අප අතර වුණි. අපේ සිංහලකම රැකගන්නට ඹවුන් දිවිහිමියෙන් කටයුතු කලා. මේ සිංහාවලෝකනය එහෙවු වීර සිංහලයෙකු තම දිවිපෙවත ගතකල ස්ථානය පිළිබදවයි.
ඇබිලිපිටිය, සූරියකන්ද මාර්ගයේ ගමන් ගන්නාවිට එහි 14වන සැතපුම් කණුව අසල පිහිටි මඩුවනවෙල වලවුව වසර 300ක් තරම් අතීතයකට හිමිකම් කියන්නක් වනව. මෙය මඩුවන්වෙල දිසාවේ පදිංචිව සිටි නිවහන. මොහු විදේශිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ලවූ තර්ජනයන්ට අභියෝගකළ එකල විසූ සිංහල රදළ පැලැන්තියෙහි මහා පුරුෂයෙක්.
මඩුවනවෙල වලවුව, පරම්පරා තුනක් විසින් වරින්වර ප්‍රතිසංස්කරණ කරමින් ගෙඩනගන ලද අවසන් ප්‍රතිසංස්කරණයෙන් පසු එහි කාමර සහ ශාලා ගණන 300ක් පමණ වන බවයි සදහන් වන්නේ. මෙහි බිම පිගන් කටු උපයෝගීකොටගෙන අලංකාර ලෙස සකසා ඇත. මෙම ගොඩනැගිල්ලෙහි බුරුත මාලිගාව නැතහොත් අමුත්තන්ගේ විවේක ස්ථානය, මහ බංගලාව සහ මහ මඩුව මෙහි ප්‍රධාන කොටස් ලෙස හදුනාගත හැකිවනව.
වලවුවෙහි උඩුමහල ගාන්ධි තුමාගේ මන්දිරයෙහි උඩුමහලේ ආකෘතියට අනුවත්, එහි පහල කොටස ඇහැලේපොළ වලවුවෙහි ආකෘතිය අනුවත් කර ඇති බව පැවසෙනව.මෙහි පැරණී සිංහල නිවෙස්වලටම පමණක් ආවේණික වූ මැදමිදුල් 21ක් දැකගන්නට හැකිවනව. වෙහි සෑම කාමරයකටම වටිනා ගෘහ භාන්ඩ තිබී ඇති බව පැවසෙනව.
මා ඉහතින් සදහන් කළ ආකාරයට මඩුවන්වෙල දිසාව යනු පරදේශිකයින් සුළු කොට තැකූ පුද්ගලයෙකි. ඒ බව මෙම වලවුවෙහි බිමට අල්ලා ඇති පිගන් කටු නිර්මාණ අතර විදේශික රදලයිගේ රුව සහිත පිගන් කැබලි බිම පෑගෙන්නට සලස්වා තිබීමෙන් පැහැදිලි වනව.
වලවුවෙහි ඉදිරිපස කොටස මහ බංගලාව ලෙස හැදින්වෙනව. දිසාවේ ජීවත්ව සිටියදී, එය විශේෂ සාකච්ඡා පැවැත්වීම සදහා යොදාගෙන ඇතිබව සදහන්වනව. මෙහි අලංකාරවූ කැටයම් තොරණකින් රාමු කරන ලද මඩුවන්වෙල දිසාවේගේ වර්ණ පින්තූරයක්ද, ඒ අසලම කළවානේ මඩුවන්වෙල කුමාරිහාමිගේ ඡායා රූපයක්ද තබා තිබෙනව. මඩුවන්වෙල වලවුවෙහි සුන්දරත්වය සමගින් මුසුවූ ප්‍රවුඩත්වය දැකගන්ට, ශ්‍රී ලාංකේය ප්‍රවුඩත්වය දැකබලාගන්නට ඔබට කෙරෙන ආරාධනයයි මේ..


