RSS Feed

මඩුවන්වෙල වලවුව

Posted by sandika

අප රටට එල්ලවුණු විවිධ විදේශිය ආක්‍රමණයන් හමුවේ ඔවුන් ඉදිරියේ දණ නැමීමට ශ්‍රී ලාංකිකයන් වූ අපට සිදුවුණා. නමුත් ඒ අතරින් එම තර්ජන වලට අභියෝග එල්ලකිරීමට සමත්වූ වීර සිංහලයන්ද අප අතර වුණි. අපේ සිංහලකම රැකගන්නට ඹවුන් දිවිහිමියෙන් කටයුතු කලා. මේ සිංහාවලෝකනය එහෙවු වීර සිංහලයෙකු තම දිවිපෙවත ගතකල ස්ථානය පිළිබදවයි.
ඇබිලිපිටිය, සූරියකන්ද මාර්ගයේ ගමන් ගන්නාවිට එහි 14වන සැතපුම් කණුව අසල පිහිටි මඩුවනවෙල වලවුව වසර 300ක් තරම් අතීතයකට හිමිකම් කියන්නක් වනව. මෙය මඩුවන්වෙල දිසාවේ පදිංචිව සිටි නිවහන. මොහු විදේශිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ලවූ තර්ජනයන්ට අභියෝගකළ එකල විසූ සිංහල රදළ පැලැන්තියෙහි මහා පුරුෂයෙක්.
මඩුවනවෙල වලවුව, පරම්පරා තුනක් විසින් වරින්වර ප්‍රතිසංස්කරණ කරමින් ගෙඩනගන ලද අවසන් ප්‍රතිසංස්කරණයෙන් පසු එහි කාමර සහ ශාලා ගණන 300ක් පමණ වන බවයි සදහන් වන්නේ. මෙහි බිම පිගන් කටු උපයෝගීකොටගෙන අලංකාර ලෙස සකසා ඇත. මෙම ගොඩනැගිල්ලෙහි බුරුත මාලිගාව නැතහොත් අමුත්තන්ගේ විවේක ස්ථානය, මහ බංගලාව සහ මහ මඩුව මෙහි ප්‍රධාන කොටස් ලෙස හදුනාගත හැකිවනව.
වලවුවෙහි උඩුමහල ගාන්ධි තුමාගේ මන්දිරයෙහි උඩුමහලේ ආකෘතියට අනුවත්, එහි පහල කොටස ඇහැලේපොළ වලවුවෙහි ආකෘතිය අනුවත් කර ඇති බව පැවසෙනව.මෙහි පැරණී සිංහල නිවෙස්වලටම පමණක් ආවේණික වූ මැදමිදුල් 21ක් දැකගන්නට හැකිවනව. වෙහි සෑම කාමරයකටම වටිනා ගෘහ භාන්ඩ තිබී ඇති බව පැවසෙනව.
මා ඉහතින් සදහන් කළ ආකාරයට මඩුවන්වෙල දිසාව යනු පරදේශිකයින් සුළු කොට තැකූ පුද්ගලයෙකි. ඒ බව මෙම වලවුවෙහි බිමට අල්ලා ඇති පිගන් කටු නිර්මාණ අතර විදේශික රදලයිගේ රුව සහිත පිගන් කැබලි බිම පෑගෙන්නට සලස්වා තිබීමෙන් පැහැදිලි වනව.
වලවුවෙහි ඉදිරිපස කොටස මහ බංගලාව ලෙස හැදින්වෙනව. දිසාවේ ජීවත්ව සිටියදී, එය විශේෂ සාකච්ඡා පැවැත්වීම සදහා යොදාගෙන ඇතිබව සදහන්වනව. මෙහි අලංකාරවූ කැටයම් තොරණකින් රාමු කරන ලද මඩුවන්වෙල දිසාවේගේ වර්ණ පින්තූරයක්ද, ඒ අසලම කළවානේ මඩුවන්වෙල කුමාරිහාමිගේ ඡායා රූපයක්ද තබා තිබෙනව. මඩුවන්වෙල වලවුවෙහි සුන්දරත්වය සමගින් මුසුවූ ප්‍රවුඩත්වය දැකගන්ට, ශ්‍රී ලාංකේය ප්‍රවුඩත්වය දැකබලාගන්නට ඔබට කෙරෙන ආරාධනයයි මේ..








වී බැංකුව

Posted by sandika Labels:

ශ්‍රී ලංකාව කෘෂීකාර්මික රටකි.එදා විජය අැතුළු පිරිස ලංකා භූමියෙහි විවිධ ප්‍රදේශ මුල්කර ගනිමින් අස්වද්දන්නට වූහ.මහින්ද හිමියන් විසින් විවිධ වූ කුල ශිල්ප ලක්දිවට ගෙන එනු ලැබූහ.මුල් යුගයන්හීදී දැකගන්නට හැකි වූයේ ස්වයං පාරිබෝජන කෘෂිකර්මාන්තයකි.නමුත් පසුකාලීනව හුරුවූ භාන්ඩ හුවමාරුවත් සමගින් බොහෝ විට අතිරික්ත නිෂ්පාදිතයක් බිහි වූහ.එලෙස බිහිවූ අතිරික්තය ආරක්ෂා කරගැනීමට එදා ගැමියන් විවිධ වූ ක්‍රමෝපායන් යොදාගනු ලැබූහ.එදා බහුල ලෙස විවිධ වූ ආරක්ෂණ උපායන් වර්තමානය වන විට ගැමි සංෙඛ්තයන් බවට පමණක් පත්ව තිබේ.ගම,ගැමිකම පිළිබද කතා කරන විට මෙම සංෙඛ්ත යොදා ගැනීමට කිසිවෙකුත් අමතක නොකරන කාරණයක්.අතීතයේ සෑම ගැමි ගෙදරකම ඉදිරිපස තිබුණු ඉතාමත් අලංකාර ඒ වගේම දිගු ඉතිහාසයක් අැති ධාන්‍ය ආරක්ෂණ උපක්‍රමයක් ලෙසට වී බිස්ස හදුනාගන්නට පිළිවන්.

කන්නයක් අවසානයේ කපා ගෙතුලට ගන්නා අස්වැන්න ඉදිරි කාලයක් තුළ පරිභෝජනයට ගැනීමේ අරමුණින් තැම්පත් කරතැබීමට ඉතාමත් කදිම ස්ථානයක් ලෙස වී බිස්ස හදුනාගන්නට පිළිවන.වර්ථමාන දියුණු ලොව කෙතරම් දියුණු ආරක්ෂණ උපක්‍රමයන් තිබුනද මෙම සාම්ප්‍රදායික උපක්‍රමය ඉවතලීමට කිසිදු හේතුවක් නොමැති තරමිය.ඊට හේතුවක් ලෙස මම දකිනුයේ මෙය පරිසර හිතකාමී ඉතාමත් සාර්ථක ආරක්ෂණ උපක්‍රමයක් වීමයි.

දේශයේ අභිමානය සොයා යන ගමනේ..

Posted by sandika

මේ වෑයම ශ්‍රී ලංකාද්වීපයේ එදා මෙදා තුර වූ අභිමානය සොයා යාමටයි.මේ රන් පොළව යට අගනා මිණි කැට සැගව ඇති සේ,දේශයට අභිමානයක් වූ එහෙවු දායාදයන් ඔබ හා එක්ව බෙදාගන්නට කරන ඇරයුමයි මේ.ඔවුන් මේ දෙරණ තළය මත බොහෝදෑ කර ඇත,කරති.නමුත් ඔබ ඒ වග දන්නේද?එවන්වූ මිණිකැට සැගව ඇත්තේ කිමද?එන්න..අප සමග..සොයා යමු ඒ අභිමානය..